අනුවාදය (Version) 1.7.0 | Windows 10/11 (64-bit) | UNID.Digital
UNID TypeSmart යනු Windows පද්ධතිය සඳහා නිර්මාණය කළ සිංහල ටයිප් කිරීමේ මෘදුකාංගයකි. මෙය පසුබිමින් ක්‍රියාත්මක වන අතර, කීබෝඩ් මාරු කිරීමකින් හෝ විශේෂිත අකුරු (fonts) ස්ථාපනය කිරීමකින් තොරව ඕනෑම මෘදුකාංගයක (Word, WhatsApp, Chrome, Notepad, VS Code) සිංහල Unicode ටයිප් කිරීමට ඉඩ සලසයි.
ඔබට පහසු ආකාර දෙකකින් ටයිප් කළ හැක:
මෙහිදී කිසිදු Copy-Paste කිරීමක් සිදු නොවේ. TypeSmart කෙලින්ම කීබෝඩ් යතුරු සමඟ සම්බන්ධ වී ක්‍රියා කරයි.
TypeSmart හි ප්‍රධාන modes 3ක් ඇත, (F8 මඟින් මාරු කළ හැක):
| Mode | විස්තරය |
|---|---|
| Hybrid | Singlish ටයිප් කිරීම — ඉංග්‍රීසි ශබ්දයට අනුව ටයිප් කර සිංහල ලබා ගැනීම |
| Wijesekera | සම්ප්‍රදායික සිංහල කීබෝඩ් එක (විජේසේකර ක්‍රමය) |
| Paused | පරිවර්තනය නැවැත්වීම — TypeSmart ක්‍රියා නොකරයි |
වර්තමාන mode tray icon tooltip එකේ පෙන්වයි — උදා: TypeSmart [Hybrid | Sinhala First] හෝ TypeSmart [Wijesekera | Sinhala First].
Singlish වචනයක් ටයිප් කර Space, Enter, Tab හෝ විරාම ලකුණක් (. , ? ! ; :) ඔබන්න.
| ඔබ ටයිප් කරන්නේ | ඔබට ලැබෙන්නේ |
|---|---|
mama | මම |
gedara | ගෙදර |
honda | හොඳ |
sinhala | සිංහල |
ALL-CAPS bypass — සම්පූර්ණයෙන්ම Capital අකුරින් ටයිප් කරන වචන සිංහලට පරිවර්තනය නොවේ (UNESCO, PDF, HTML).
a = අ | aa = ආ | ae = ඇ | aae = ඈe = එ | ee = ඒ | i = ඉ | ii = ඊo = ඔ | oo = ඕ | u = උ | uu = ඌCapital සහ Simple අකුරු අනුව සිංහල අකුරු වෙනස් වේ:
t = ට | T = ඨ | th = ත | Th = ථd = ද | D = ඩ | dh = ධ | Dh = ඪn = න | N = ණ | l = ල | L = ළසමහර වචන වලට තේරුම් කිහිපයක් තිබිය හැක. එවිට තිරය මත මෙනුවක් දිස්වේ.
උදාහරණයක් ලෙස wada යන්න (වැඩ, වද, වඳ, වැඳ) ලෙස තේරිය හැක. ඔබට අවශ්‍ය වචනය Arrow keys වලින් හෝ ඉලක්කම් වලින් තෝරා Space ඔබන්න.
ඔබ නිතරම එකම වචනය තෝරන්නේ නම්, TypeSmart එය ඉගෙන ගෙන පසුව ස්වයංක්‍රීයවම අදාළ වචනය ලබා දෙයි.
සම්ප්‍රදායික විජේසේකර කීබෝඩ් ක්‍රමය භාවිතා කරන්නන්ට මෙය සුදුසුය.
මෙහිදී e (ැ), E (ෑ), f (ෙ) වැනි පිල්ලම්, අකුරට පෙර ටයිප් කළ යුතුය.
\ එබීමෙන් හල්කිරිම සහ ZWJ එක්වේ (බැඳි අකුරු සඳහා).l + ` → ක්‍ර (රකාරාංශය)l + H → ක්‍ය (යංශය)~ + අකුර → රේඵයf අකුර දෙවරක් එබීමෙන් (ff) → ෛTypeSmart සමඟ එන වෙනමම සිංහල පෙළ සංස්කරණය කරන මෘදුකාංගයකි. Taskbar icon එක Right-click කර SmartPad තෝරන්න. මෙහිදී ඔබට සිංහල අකුරු වල ප්‍රමාණය, වර්ණය වෙනස් කිරීම සහ පැරණි අකුරු (FM Abhaya) Unicode වලට පරිවර්තනය කිරීම කළ හැක.
පැරණි FM Abhaya අකුරු වලින් ටයිප් කර ඇති ලියවිලි පහසුවෙන් Unicode වලට හරවා ගැනීමට:
ඔබට TypeSmart අවශ්‍ය නොවන මෘදුකාංග සඳහා එය අක්‍රිය කළ හැක. Settings -> App Filter වෙත ගොස් අදාළ මෘදුකාංගය එකතු කරන්න. මීට අමතරව Password ටයිප් කරන ස්ථාන වලදී සහ Web Browser හි Address bar එකේදී මෙය ස්වයංක්‍රීයවම ක්‍රියාවිරහිත වේ.
UNID TypeSmart — Copyright © 2024–2026 UNID.Digital. All rights reserved.